Politics ගැන යමක් ලිවිය යුතු යයි මට හැගුනේ හි අරමුනකින් තොරව සැරිසරමින් සිටින අතර තුරේය. සැබවින්ම බොහෝ දෙනා තුල politics ගැන ඇත්තේ රිනාත්මක ආකල්පයකි. එම නිසා පොලිටික්ස් ගැන මට සිතෙන දේ හා මගේ ආකල්පය සටහන් කර තැබීම කළ යුතු දෙයක් යයි සිතුනු නිසා මෙම සටහන ලිවිය යුතු යයි සිතීමි.මගේ මිතුරන් කීප දෙනෙකු තම profile
වල politics ගැන අදහස් දක්වා තිබුනු අයුරු පහත දැක්වේ.
කසුන් ප්‍රනාන්දු (university of colombo) - Politics in Sri Lanka ... what a blah !!!
උදාරංග වික්‍රමසිංහ (university of moratuwa)- I hate politics...
නිරන්ද පෙරේරා(university of moratuwa)- "country first"
තරිදු අධිකාරි(university of moratuwa)- mmm...better not to say :)
ලක්ෂිත චතුරංග(university of moratuwa)- I hate party politics. But each n evryone shd hv a broad vision on politics.
එරංග සංජය(university of Ruhuna)-buddhism ...& communism and socialism ( hate JVP)
බිමාලි මුදුන්කොටුව(university of moratuwa)-....watever
ඉෂාරා රණවක(university of Ruhuna)-No idea
චන්දික අමරසිංහ(university of colombo)-Moderate
චානක චතුරංග අතපත්තු( ICBT city campus)-i hate that
මෙහිදී බොහෝ දෙනා politics ගැන කිසිදු අදහසක් දක්වා නොතිබූ අතර දක්වා තිබුනු ඒවායින් ගත් අහඹු
නියැදියකි ඉහත දැක්වෙන්නේ. ගැන බොහෝ දෙනා තුල පවතින මෙම පසුගාමී ආකල්පයට ප්‍රධානතමහේතුව ලෙස මා දකින්නේ politics යනු කුමක්ද, ඕනෑම සාමාජයීය සංසිද්ධියක්, ගැටුමක්, ක්‍රියාවලියක් හෝ සමාජ
පරිණාමීය ක්‍රියාවලියක් විශ්ලේෂණය කිරීමෙහි හා විසදුම් සෙවීමෙහි ලා එහි වැදගත්කම ආදිය පිලිබදව
ඇති නොදැනුවත්කම හෝ අල්ප දැනීමය.
Politics යන පදය සිංහලයට පෙරලීමේදී යොදන ලද වචනයේම මෙම දුර්වලතාවය පවතී. 'දේශ පාලනය' යන පදයෙන් එම පදය වහරන්නා හෝ අසන්නා තුල politics වල පැතිරුනු, අතිශය වැදගත්, පුළුල් භාවය ලඝු කොට ඉතා පටු ආකල්පයක් දනවනු ලබයි. දේශපාලනය කිවූ සැනින් සුදු ඇඳගත් දේශපාලකයින් පිරිසක් හා පාර්ලිමේන්තුව අපේ සිහියට එන්නේ එබැවිනි. එම නිසා මේ සටහනේ ඉදිරියටත් 'politics' යන පද භාවිතා කිරීමට මම අදහස් කරමි. :ඩී:ඩී
සැබැවින්ම politics යනු කුමක්ද?? යන පදය polis යන ග්‍රීක වචනයෙන් බිඳී ආ පදයකි. ප්ලේටෝ ගේ 'The Republican' නැමති කෘතියෙහි ඔහු 'polis' යන පදය හඳුන්වා ඇත්තේ පරිපූර්ණ සමාජීය තත්වයක් නිරුපණය වන සංකල්පයක් ලෙසිනි.( මගේ අදහසට අනුව ඔහු මේ කියන්නේ කොමියුනිස්ට් වාදී සමාජයක් ගැන විය යුතුය.). එවිට 'politics' යනු එම පරිපූර්ණ සමාජ තත්වය කරා ගමන් කිරීමේදී ඇතිවන සියලු මානව සංසිද්ධි විශ්ලේෂණය කිරීමේ විද්‍යාවයි.
ලෝක පරිණාමයේ ඉතිහාසයේ සිට අද දක්වාම පාරිසරික, භෞතික, සමාජයීය ගැටීමක් තුලින් නව තත්වයක් නිර්මාණය වීම අඛණ්ඩව සිදු වේ (උදාහරණයක් ලෙස ගෝත්‍රික යුගයෙන්වැඩ වසම් ක්‍රමයට, වැඩවසම් ක්‍රමයෙන් ධනවාදයට, ධනවාදයෙන් නිර්මාණාත්මක ධනවාදයට, ප්‍රදේශයක, ආයතනයක හෝ රටක අභ්‍යන්තරයේ සිදුවන ඕනෑම සංසිද්ධියක් ). මෙම සබඳතාව මතු කර ගැනීම 'politics' වේ. කාල් මාක්ස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි මහා ප්‍රාඥයින් මතු කරඝනීමට උත්සාහ කලේ මෙම සබඳතාවයය.
Politics යනු කිසියම් දේශපාලන පක්ෂයකට බැඳී ඡන්දය ඉල්ලීම හෝ එම පක්ෂයේ අභිමථාර්ත අනුව කටයුතු කිරීම නොවේ. අතීතයේ දඩ බිම් සීමා මායිම් ලකුණු කරමින් එම සීමා මායිම් ආක්‍රමනය කරන්නන් හා යුධ වදිමින් පොකුරු ලෙස ජීවත් වූ අර්ධ පරිණාමීය වානරයාගේ සිට වර්තමාන විශ්ව විද්‍යාල සංස්කෘතිය දක්වා වූ සෑම සමාජීය තත්වයක්ම හා සංසිද්ධියක්ම politics වේ. එය ඉදිරියටද එසේමය. සමහරු කොලඹ හා මොරටුව විශ්ව විද්‍යාල තුල politics නැතැයි පැවසීම විහිළුවට කාරණයක් වන්නේ එබැවිනි. උදාහරණයක් ලෙස කොලඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ sinhala medium සිසුන් තුල පවතින ෆැසිස්ට්වාදී සමාජ තත්වය හා english medium සිසුන් තුල පවතින ධනවාදී ආකල්පමය සමාජ තත්වය politics තුලින් අපූරුවට විග්‍රහ කිරීම හා විශ්ලේශණය කිරීම කල හැකි වේ. මොරටුව විශ්ව විද්‍යාලයේ විවිධ පාඨමාල අතරද ප්‍රදේශය අනුවද department අතරද politics අපූරුවට ක්‍රියාත්මක වේ. මොරටුව විශ්ව විද්‍යාලයේ පවතින politics පිළිබඳව දවස් ගනනක් වුවද කතා කල හැක.
Politics මිදුනු කිසිම දෙයක් මෙලොව නොපවතී. politics ගැන දැනුම හා අවබෝධය යම් තාක් දුරට හෝ සෑම කෙනෙකුට අවශ්‍ය වන්නේ ඒ නිසාය. එවිට අපට අප අවට සිදුවන සමාජ සංසිද්ධීන් පිලිබඳව විශ්ලේශ්ණාත්මක අවබෝධයකින් යුතුව හැසිරීමට හැක. එවිට ඕනෑම සමාජ පන්තියක ( සුපිරි ආයතනයක වේවා, වැඩපලක වේවා, ප්‍රදේශයක වේවා, රටක වේවා) පවතින ගැටලු හා ආකල්ප අවබෝධ කරගෙන නිවැරදිම විසදුම් කරා අපිට යා හැකි වන්නේ එවිටය. කිසිදු කෙනෙකුට politics වලින් ගැලවීමේ හැකියාවක් නැත. මන්ද මිනිසා යනු ස්වභාවික political සත්ත්වයෙක් නිසාය(ප්ලේටෝ).
කෙටියෙන්ම කිවහොත් මානව වර්ගයාගේ හැසිරීම පිලිබඳව යථාර්තය දකින විද්‍යාව දේශපාලන( politics) විද්‍යාවයි. අපිත් මානවයන් නිසා ඒ පිලිබදව අවබෝධයෙන් සිටීම අපට අතිශය වැදගත් බව අවසාන වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි. :)
No comments:
Post a Comment