Thursday, December 30, 2010

politics ගැන යමක්........

Politics ගැන යමක් ලිවිය යුතු යයි මට හැගුනේ හි අරමුනකින් තොරව සැරිසරමින් සිටින අතර තුරේය. සැබවින්ම බොහෝ දෙනා තුල politics ගැන ඇත්තේ රිනාත්මක ආකල්පයකි. එම නිසා පොලිටික්ස් ගැන මට සිතෙන දේ හා මගේ ආකල්පය සටහන් කර තැබීම කළ යුතු දෙයක් යයි සිතුනු නිසා මෙම සටහන ලිවිය යුතු යයි සිතීමි.මගේ මිතුරන් කීප දෙනෙකු තම profile
වල politics ගැන අදහස් දක්වා තිබුනු අයුරු පහත දැක්වේ.

කසුන් ප්‍රනාන්දු  (university of colombo) - Politics in Sri Lanka ... what a blah !!!
උදාරංග වික්‍රමසිංහ (university of moratuwa)- I hate politics...
නිරන්ද පෙරේරා(university of moratuwa)- "country first"
තරිදු අධිකාරි(university of moratuwa)- mmm...better not to say :)
ලක්ෂිත චතුරංග(university of moratuwa)- I hate party politics. But each n evryone shd hv a broad vision on politics.
එරංග සංජය(university of Ruhuna)-buddhism ...& communism and socialism ( hate JVP)
බිමාලි මුදුන්කොටුව(university of moratuwa)-....watever
ඉෂාරා රණවක(university of Ruhuna)-No idea
චන්දික අමරසිංහ(university of colombo)-Moderate
චානක චතුරංග අතපත්තු( ICBT city campus)-i hate that

මෙහිදී බොහෝ දෙනා politics ගැන කිසිදු අදහසක් දක්වා නොතිබූ අතර දක්වා තිබුනු ඒවායින් ගත් අහඹු
නියැදියකි ඉහත දැක්වෙන්නේ. ගැන බොහෝ දෙනා තුල පවතින මෙම පසුගාමී ආකල්පයට ප්‍රධානතමහේතුව ලෙස මා දකින්නේ politics යනු කුමක්ද, ඕනෑම සාමාජයීය සංසිද්ධියක්, ගැටුමක්, ක්‍රියාවලියක් හෝ සමාජ
පරිණාමීය ක්‍රියාවලියක් විශ්ලේෂණය කිරීමෙහි හා විසදුම් සෙවීමෙහි ලා එහි වැදගත්කම ආදිය පිලිබදව
ඇති නොදැනුවත්කම හෝ අල්ප දැනීමය.
Politics යන පදය සිංහලයට පෙරලීමේදී යොදන ලද වචනයේම මෙම දුර්වලතාවය පවතී. 'දේශ පාලනය' යන පදයෙන් එම පදය වහරන්නා හෝ අසන්නා තුල politics වල පැතිරුනු, අතිශය වැදගත්, පුළුල් භාවය ලඝු කොට ඉතා පටු ආකල්පයක් දනවනු ලබයි. දේශපාලනය කිවූ සැනින් සුදු ඇඳගත් දේශපාලකයින් පිරිසක් හා පාර්ලිමේන්තුව අපේ සිහියට එන්නේ එබැවිනි. එම නිසා මේ සටහනේ ඉදිරියටත් 'politics' යන පද භාවිතා කිරීමට මම අදහස් කරමි. :ඩී:ඩී
    සැබැවින්ම politics යනු කුමක්ද?? යන පදය polis යන ග්‍රීක වචනයෙන් බිඳී ආ පදයකි. ප්ලේටෝ ගේ 'The Republican' නැමති කෘතියෙහි ඔහු 'polis' යන පදය හඳුන්වා ඇත්තේ පරිපූර්ණ සමාජීය  තත්වයක් නිරුපණය වන සංකල්පයක් ලෙසිනි.( මගේ අදහසට අනුව ඔහු මේ කියන්නේ කොමියුනිස්ට් වාදී සමාජයක් ගැන විය යුතුය.). එවිට 'politics' යනු එම පරිපූර්ණ සමාජ තත්වය කරා ගමන් කිරීමේදී ඇතිවන සියලු මානව සංසිද්ධි විශ්ලේෂණය කිරීමේ විද්‍යාවයි.
      ලෝක පරිණාමයේ ඉතිහාසයේ සිට අද දක්වාම පාරිසරික, භෞතික, සමාජයීය ගැටීමක් තුලින් නව තත්වයක් නිර්මාණය වීම අඛණ්ඩව සිදු වේ (උදාහරණයක් ලෙස ගෝත්‍රික යුගයෙන්වැඩ වසම් ක්‍රමයට, වැඩවසම් ක්‍රමයෙන් ධනවාදයට, ධනවාදයෙන් නිර්මාණාත්මක ධනවාදයට, ප්‍රදේශයක, ආයතනයක හෝ රටක අභ්‍යන්තරයේ සිදුවන ඕනෑම සංසිද්ධියක් ). මෙම සබඳතාව මතු කර ගැනීම 'politics' වේ. කාල් මාක්ස්, ප්ලේටෝ, ඇරිස්ටෝටල් වැනි මහා ප්‍රාඥයින් මතු කරඝනීමට උත්සාහ කලේ මෙම සබඳතාවයය.
    Politics යනු කිසියම් දේශපාලන පක්ෂයකට බැඳී ඡන්දය ඉල්ලීම හෝ එම පක්ෂයේ අභිමථාර්ත අනුව කටයුතු කිරීම නොවේ.  අතීතයේ දඩ බිම් සීමා මායිම් ලකුණු කරමින් එම සීමා මායිම් ආක්‍රමනය කරන්නන් හා යුධ වදිමින් පොකුරු ලෙස ජීවත් වූ අර්ධ පරිණාමීය වානරයාගේ සිට වර්තමාන විශ්ව විද්‍යාල සංස්කෘතිය දක්වා වූ සෑම සමාජීය තත්වයක්ම හා සංසිද්ධියක්ම  politics වේ. එය ඉදිරියටද එසේමය. සමහරු කොලඹ හා මොරටුව විශ්ව විද්‍යාල තුල politics නැතැයි පැවසීම විහිළුවට කාරණයක් වන්නේ එබැවිනි. උදාහරණයක් ලෙස කොලඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ sinhala medium සිසුන් තුල පවතින ෆැසිස්ට්වාදී සමාජ තත්වය හා english medium සිසුන් තුල පවතින ධනවාදී ආකල්පමය සමාජ තත්වය politics තුලින් අපූරුවට විග්‍රහ කිරීම හා විශ්ලේශණය කිරීම කල හැකි වේ. මොරටුව විශ්ව විද්‍යාලයේ විවිධ පාඨමාල අතරද ප්‍රදේශය අනුවද department අතරද politics  අපූරුවට ක්‍රියාත්මක වේ. මොරටුව විශ්ව විද්‍යාලයේ පවතින politics පිළිබඳව දවස් ගනනක් වුවද කතා කල හැක.
      Politics  මිදුනු කිසිම දෙයක් මෙලොව නොපවතී. politics ගැන දැනුම හා අවබෝධය යම් තාක් දුරට හෝ සෑම කෙනෙකුට අවශ්‍ය වන්නේ ඒ නිසාය. එවිට අපට අප අවට සිදුවන සමාජ සංසිද්ධීන් පිලිබඳව විශ්ලේශ්ණාත්මක අවබෝධයකින් යුතුව හැසිරීමට හැක. එවිට ඕනෑම සමාජ පන්තියක ( සුපිරි ආයතනයක වේවා, වැඩපලක වේවා, ප්‍රදේශයක වේවා, රටක වේවා) පවතින ගැටලු හා ආකල්ප අවබෝධ කරගෙන නිවැරදිම විසදුම් කරා අපිට යා හැකි වන්නේ එවිටය. කිසිදු කෙනෙකුට  politics වලින් ගැලවීමේ හැකියාවක් නැත. මන්ද මිනිසා යනු ස්වභාවික political සත්ත්වයෙක් නිසාය(ප්ලේටෝ).  
     කෙටියෙන්ම කිවහොත් මානව වර්ගයාගේ හැසිරීම පිලිබඳව යථාර්තය දකින විද්‍යාව දේශපාලන( politics) විද්‍යාවයි. අපිත් මානවයන් නිසා ඒ පිලිබදව අවබෝධයෙන් සිටීම අපට අතිශය වැදගත් බව අවසාන වශයෙන් සටහන් කිරීමට කැමැත්තෙමි. :)

Tuesday, December 21, 2010

බුද්ධිමය වහල්ලු

'ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව හා සංවර්ධනය' යන මැයෙන් වූ මගේ පළමු බ්ලොග් සටහනට පසු එම ක්ෂේත්‍රය ඔස්සේම දිව යන තවත් ලිපියක් ලිවීමට මා සිතාගෙන නොසිටියද ඉහත කී ලිපියට ඌන පූර්ණයක් ලෙස හෝ
පසු වදනක් ලෙස මෙම බ්ලොග් සටහන තැබිය යුතු යයි අදහස් කලේ පලමු ලිපියේ මුඛ්‍ය හරය හා බුද්ධි ගලනය අතර යම් සංහිදියාවක් අත්දැයි ඔබේ හිතේ සැකයක් ඇතිවිය හැකියය් සිතූ නිසාය. :ඩී:ඩී
      විදේශ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ප්‍රධාන සේවා නියුක්ති මූලයක් ලෙසත් ආර්ථිකයේ විශාල බරක් උසුලන අංශයක් ලෙසත් ඉහලින්ම වැජඹේ. විදේශ රැකියා යනු ඕනැම රටක ආර්ථිකයේ ඉතා වැදගත් අංශයකි.


2009දී ශ්‍රී ලාංකික සේව වියුක්තිකයන්ගේ සංඛ්‍යාව 471,000කි. විදේශ සේවා නියුක්තිය 247,119කි. විදේශ රැකියා තුලින් ලැබුනු ආදායම දල වශයෙන් එ.ජා. ඩොලර් මිලියන 1955කි. එය දල වශයෙන් ජාතික
ආදායමෙන් 41%කි. ඉහත කී සංඛ්‍යා ලේඛන දෙස බැලූ විට විදේශ රැකියා මෙරට විදේශ විනිමය ඉපයීම කෙරෙහිත් රට තුල විරැකියා පීඩනය අඩු කිරීම කෙරෙහිත් කොතරම් වැදගත් සේවාවක් ඉටු කරයිද යන්න පෙනීයයි.
         නමුත් ප්‍රශ්නය වන්නේ ඉහත කී රැකියා වලින් විශාල ප්‍රතිශතයක් ගෘහ සේවිකාවන් වීමය. එය 46%ක් තරම් ඉහල අගයක් ගන්නා අතර පුහුණු ශ්‍රමිකයින්ගේ ප්‍රතිශතය ඉන් හරි අඩක් පමණ වන 24.8%කි.
      ශ්‍රී ලංකාවේ පවතින්නේ මාතෘ මූලික සමාජයකි.කාන්තාවන් විදේශ ගත වීම හරහා පවුල් කඩාකප්පල් වීම, කුඩා ලමුන්ගේ මානසිකත්වය ඇද වැටීම, ඔවුන්ට නිසි ආදරය, ආරක්ෂාව,අධ්‍යාපනය නොලැබී යාම,
අසහනකාරී තරුණ පිරිසක් මෙරටට බිහි වීම වැනි සමාජීය ගැටලු ද රාශියකට මුහුණ පැමට සිදුවේ. පුහුණු ශ්‍රමිකයන් මත විදේශ සේවා නියුක්තියේ බර පැටවිය යුත්තේ ඒ නිසා (හා ඔවුන්ගේ ආර්ථික කාර්යක්ශමතාව නිසා ) වෙනි. එසේ කිරීමෙන් ලැබෙන ආර්ථිකමය හා සමාජීයමය  ප්‍රතිලාභ රාශියක් ගඇන මම පසුගිය බ්ලොග් සටහනෙන් විග්‍රහ කළෙමි.


දැන් අපි ප්‍රශ්නයට බසිමු. මෙම යාන්ත්‍රනය හරහා සැබැවින්ම බුද්ධි ගලනයක් සිදු වේද?


     මෙවැනි කාරණා පිලීබද විග්‍රහයන් කිරීමේදී අපි විවිධ සමාජ පන්තිවල හැසිරීම් හා ප්‍රවණතාවයන් සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.
     ඉහත කී වෘත්තීය මධ්‍යස්ථාන තුලින් බිහි වන ශ්‍රමිකයන් අයත් වන්නේ ශ්‍රම කාණ්ඩය අනුව 'වෘත්තීමය (ඉන්ජිනේරු, වෛද්‍ය, මහාචාර්ය, කථිකාචාර්ය )' කාණ්ඩයට නොව 'පුහුණු ශ්‍රමික' කාණ්ඩයටය. ඔවුන් සිය පවුල්ද සමග ස්ථිර ලෙස වෙනත් රටක පදින්චියට ගොස් එහි රැකියාවක නිරත වීමේ ප්‍රවණතාවයක් මෙරට තබා වෙනත් කිසිදු රටක නැත. විදේශ සංක්‍රමන රෙගුලාසි අනුව එසේ කිරීමටද පහසු අවකාශයක් නැත. සබැවින්ම සිදු වන්නේ ඔවුන් විදේශයක සිට උපයන මුදල් මෙරටට විදේශ විනිමය වශයෙන් ගලාගෙන ඒමය. ඉහතින් දැක්වූ සංඛ්‍යා ලේඛන එසේ මෙරටට ලැබුනු ආදායමය.
     ඔවුන්ගේ කාර්මික දැනුම මෙරටට ලැබීමට වඩා සබැවින්ම වැදගත් වන්නේ ඔවුන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමයය. මන්ද පුහුණු ශ්‍රමිකයන්ගේ ඌණතාවයක් මෙරට තුල විශාල ගැටලුවක් වශයෙන් පැන නොනැගී ඇති බැවිනි. විදේශ මුදල් මෙරටට ගලා ඒම හරහා විදේශ සංචිත ප්‍රමානය වැඩි වීම, උද්ධමනය අඩු වී රුපියලෙහි අගය වැඩි වීම වැනි ප්‍රථිලාභ රාශියක් ලබා ගනීමට අපට අවකාශ ලබේ.එබැවින් ඒ හරහා බුද්ධි ගලනයක් සිදු වේ යයි කිසිදු ආකාරයකට බිය විය යුතු නැත.
  
    දැන් අපි වෘත්තීමය ශ්‍රමිකයින් ගැන සලකා බලමු.වෘත්තීමය ශ්‍රමිකයෙක් බිහි කිරීමට රජය විසින් අති විශාල වියදමක් දරයි.( එක උපාධිධාරියෙකුට ලක්ෂ 25ක් පමණ ). මේ සා මුදල් කන්දරාවක් වියදම් කරන රජයට ඒ
සදහා රටට ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිනම් රට අගාධයට යාම නොවැලක්විය හැකිය.රටක සංවර්ධනයට උපාධිදරයෙකුට ඔහුගේ විශේෂඥ දැනුම හරහා කල හැකි කාර්ය භාරය අති විශාලය. චීනය හා ඉන්දියාව අද
පවතින තත්වයට පැමිනීමේදී ඔවුන්ගේ ග්‍රාමීය සංවර්ධනයට යොමු කල අවධානය අති විශාලය. ඉන්දියාවේ අනර්ඝ ප්‍රජා සෞඛ්‍ය ව්‍යපෘතියක් වන ජමිකෙඩ් සංවිධානය ආරම්භ කල වෛද්‍ය රාජ් අරොල්, 'Hall in
the wall ' ව්‍යාපෘතිය හරහා දුප්පත් දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුනු කල මහාචාර්ය සුගත මිත්‍රා, චීනයේ ග්‍රාමීය කෘෂි කර්මාන්තය නගා සිටුවීමට සුවිසල් මෙහෙයක් ඉටු කල එරට ඉන්ජිනේරුවන් වැනි
සම්පත් පුද්ගලයින් තුලින් එම රටවල් ලබා ගත් ප්‍රතිලාභය සුවිශාලය. රටක සංවර්ධනයේදී වෘත්තීමය ශ්‍රමිකයෙකුගෙන් ලැබෙන විදේශ විනිමයට වඩා ඔහුගේ දැනුම රටකට අත්‍යාවශ්‍ය වන්නේ ඒ නිසාය. එකී රටේ සංවර්ධනයට ඔහුට කල හැකි සුවිසල් කාර්ය භාරය නිසාය. ඔහු විදේශ රටක පූර්ණ කාලීනව  රැකියාවට ගියහොත් එය අපරාදයක් වන්නේ ඒ නිසාය.( වෘත්තීමය ශ්‍රමිකයෙකුට පූර්ණකාලීන රැකියාවක් හා පුරවැසි භාවය ලබා දීමට ලොකයේ බොහෝ රටවල් සදී පැහැදී සිටී.)


සැබැවින්ම වරද කාගෙද?? උපාධිධරයින්ගේද??එය එසේ යයි පැවසීමට මම ඉක්මන් නොවෙමි.
    
  වෘත්තිකයන් පිටරට ඇදී යාමට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ දැනුම භාවිතා කිරීමට අවශ්‍ය තාක්ෂණය මෙරට නොමැති වීමය. උදාහරණයක් ලෙස ලෝකයේ අධි වේගයෙන් ඉදිරියට යන ඉලෙක්ට්‍රොනික තාක්ශනය සමග සසදන කල ලංකාව ගව් ගනනක් පිටුපසින් සිටින බවත්, උසස් තාක්ෂණය පරිශීලනය කිරීමටනම් අනිවාර්යයෙන් විදේශ ගත විය යුතු තත්වයක් උදා වී ඇති බවත් ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරු සිසුවෙකු වශයෙන් මම දනිමි.
                  මනුෂ්‍යයා යනු පරිභෝජනවාදී සත්වයෙකි.අප උපන් රටට, අප වෙනුවෙන් දුක් විදි ජනතාව වෙනුවෙන් සේවය කිරීම අප සතු සුවිසල්ම පැහැර හැරිය නොහැකි වගකීම වුවද මානුෂීය පරිභෝජන ස්වභාවය අනුව එසේ පරිපූර්ණ ස්වභාවයක් අපට බලාපොරොත්තු විය නොහැකිය. ඕනැම කෙනෙකු වැඩි ආදායමක් වැඩි පහසුකම් ඇති තැනකට ඇදී යාමේ නැඹුරුවක් පවතී.ඒ මනුෂ්‍යයාගේ හැටිය. ස්වභාවයය. ශ්‍රී ලංකාවෙ පමණක් නොව ඕනැම රටක මිනිසාගේ ස්වභාවය එයය. එමනිසා එවැනි පරිපූර්ණ තත්වයක් ගැන බලා නොසිට එම පාඩුව අවම කරගැනීමේ ප්‍රායොගික පියවරකට යාම අත්‍යාවශ්‍යය.
 නිදහස් අධ්‍යාපනය මෙරටට විශාල බවක්ව ඇති බව අප සියලු දෙනා විසින්ම පිලිගත යුතුය. උපාධිධරයෙකු සදහා වියදම් කරන්නේ මහජන මුදල් වන අතර බෝක්කුව උඩ සිටින සිගන්නාද, කන්න නැතිව වහ බොන
අනුරාධපුරයේ ගොවියාද ඒ සදහා දායකත්වයක් දක්වයි.
        නමුත් එසේ කියා අපිට නිදහස් අධ්‍යාපනය අහෝසි කල නොහැකිය. මන්ද එය පහල ආදායම් සහිත පවුල් වල දරුවනට අධ්‍යාපනයද ඔවුන්ට ඉහල සමාජ ස්ථරයකට පැමිනීමේ ඉඩකඩද අවුරන්නක් බැවිනි. එවන්නක් සිදු වුවහොත් සමාජය තුල පන්ති බේදය උග්‍ර වී අප සමාජ පරිණාමයේ ආපස්සට යා හැකිය.
    හොදම දෙය වන්නේ උපාධිධරයෙකු රැකියාවක් ලබා ගත් පසු ඔහුගෙන් හෝ ඇයගෙන් ඔහු වෙනුවෙන් වැය කල මුදලෙන් යම් ප්‍රතිශතයක් හෝ අය කරගැනීමට සැලසුම් කිරීමය. මෙය ඔහු ලබන ආදායමට සාපේක්ශව සූත්‍රයකට අනුව කල හැකිය. පසුව ඔහු ඉහල වැටුපක් සහිත රැකියාවකට මාරු වුවහොත් අය කරන ගනන සූත්‍රයට අනුව වෙනස් කල හැකිය. විශ්ව විද්‍යාලයෙන්  උපාධිය ලබා ගන්නා අවස්ථාවේ සිසුවා ඉහත කී ගිවිසුමට යටත් කල යුතුය. කිසිම කෙනෙකු පිනට දේවල් ලබා ගත යුතු යය් මම විශ්වාස නොකරමි. පසුව උවමනානම් ඔහු සිදු කරන පර්යේෂණ හෝ නව සොයා ගැනීමසදහා ඉහත කී ගාස්තුව කප්පාදුවකට ලක් කල හැකිය.ඉහත කී මුදල මෙරට ග්‍රාමීය සංවර්ධනයටත්, මෙරටට නව තාක්ෂණය ගෙන ඒමටත්,
තවත් නොයෙකුත් සංවර්ධන සැලසුම් සදහාද යෙදවිය හැක.
   පරිපූර්ණ තත්ව ගැන බලා නොසිට මෙසේ සැලසුම් කාරී පියවර වලට යාමෙන් නිදහස් අධ්‍යාපනයෙaන් රටට තිබෙන බරද අවම කල හැකි අතර රටේ සංවර්ධනයටද ශ්‍රීඝ්‍ර දියුනුවක් අත් පත් කර ගත හැකි බවත්
 උපාධිධරයින්ට පරිශීලනය කිරීමට අවශ්‍ය නව තාක්ශනය මෙරටට ගෙන ඒම තුලින් බුද්ධි ගලනය අවම කර ගත හැකි බවත් මම විශ්වාස කරමි.
       රටක සංවර්ධනයේදී ප්‍රථම පියවර ග්‍රාමීය සංවර්ධනය බව මම තරයේ විශ්වාස කරමි.( ශ්‍රී ලංකාවෙ 72%ක් තවමත් ග්‍රාමීයය ). අප අතරින් කෙනෙකුට ලංකාවෙ වී අස්වැන්න කීප ගුණයකින් වැඩි කරන බීජයක්, නව
කාර්යක්ශම නූල් කැටීමේ යන්ත්‍රයක්, අස්වැන්න ඉක්මනින් අඩු නාස්තියකින් තොරව නෙලාගත හැකි යන්ත්‍රයක් නිශ්පාදනය වැනි එක් දෙයකින් මෙරට ආර්ථිකයට කල හැකි වෙනස අති විශාලය. එම නිසා ඉහත කී සියලු සැලසුම් තිබියදී අප වෙනුවෙන් දුක් විදි ජනතාව වෙනුවෙන් අපට කල හැකි කාර්ය භාරය අති විශාල බවත් එසේ කිරීම හරහා රටේ සංවර්ධනයට කාර්යක්ශම ලෙස දායක වීමට අපට හැකි බවත්, වෙනත් බහුජාතික සමාගමක හෝ රටක බුද්ධිමය වහල්ලු නොවී එසේ කිරීම අපගේ පරම හා ප්‍රථම යුතුකම බවත් සිහිපත් කරමින් සටහන මෙතෙකින් නිමා කරමි.:ඩී:ඩී

Monday, December 20, 2010

වෘත්තීය පුහුණුව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය

2010 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමගම මේ දින වල තරුණ සිසුන්ගේ  ජීවිත වල අනාගතය හා


ශ්‍රී ලංකාව තුල උසස් අධ්‍යාපනය හරහා එයට ලබෙන දායකත්වය පිලිබඳව බොහෝ අයගේ


අවධානයටත් කතිකාවතටත් ලක්ව ඇත. එම නිසා ඒ ගන යමක් මගේ දෘශ්ඨි කෝණයෙන් ලියා තැබිය


යුතු යයි සිතුවෙමි.


ශ්‍රී ලංකාව තුල වර්තමානය උසස් පෙල කඩඉම තරණය කිරීමට නොහැකි වන සිසුන්ගේ අනාගතය


පිලිබදව පැහැදිලි අර්බුදයක් ඇත. එහෙත් රට තුල කිසිදු අර්ථිකමය හෝ සමාජමය ගැටලුවකට පිලිගත


හැකි ප්‍රායෝගික විසදුමක් ඉදිරිපත් නොකරමින්, නමුත් ප්‍රශ්න අති බව ජනතාවට පෙන්වා දෙමින් කෑ කෝ


ගසමින් විශාල සමාජමය මෙහෙවරක් ඉටු කරන රතු සහොදරවරුන් මෙන් නොව මෙම අර්බුදයට බලපා


ඇති හේතු සාධක සහ එම අභියෝගයන් ජයගත හැකි ආකාරය පිලිබදව මට සාපෙක්ෂව විග්‍රහයක්


ඉදිරිපත් කිරීම මෙම සටහනේ අරමුණයි. :පී.


වර්තමානයේ ශ්‍රී ලංකාවට විශාලම විදේශ අදායමක් ලබෙන්නේ මැද පෙරදිග ගෘහ සේවිකාවන් හරහාය.


ඇත්ත වශටෙන්ම ශ්‍රී ලංකාවේ අර්ථිකය දෙස සමස්ථ චිත්‍රය බැලූ කල තත්වය ලැජ්ජා හිතෙන තරම්ය. ශ්‍රී


ලංකාවේ ජාතික අදායමට වැඩිම දායකත්වයක් සපයන අංශයන් 3(ක්) පහත දැක්වේ.


1. මැද පෙරදිග ගෘහ සේවය
2. ඇගලුම් නිශ්පාදන
3. තේ


      මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? සංවර්ධනය වෙමින් පවතින රටක් වන, එමෙන්ම ලෝක


අර්ථිකයේ මෙන්ම නවීන තොරතුරු තාක්ෂනයේ නැගී එන බලවතෙකු වන ඉන්දියාවට අසල්වසි වූ අතීත


ස්වර්ණමය අභිමානයකට උරුමකම් කිවූ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන්නේ පහළ


(මධ්‍යම ) පාන්තික අසරණ කාන්තාවන් බවය.
   ශ්‍රී ලංකාවේ 2009 සා.පෙළ විභාගයට පෙනී සිටි මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 272000 වූ අතර උසස් පෙළ


සදහා සුඩුසුකම් ලබා ඇත්තේ 142,938 පමණි. අසමත් වූවන්ගේ සංඛ්‍යාව 129,062 කි. උසස්


පෙළ තත්වය මීටත් වඩා බරපතළය. රටක ජීව නාළිය වන්නේ එරට තරුණ ශ්‍රම බලකායය. එමනිසා


රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකිවන අති විශාල තරුණ ජනකායට ජාතික මට්ටමේ


විකල්ප විසදුම් ක්‍රමවේදයක් ලබා දීමට රජය අපොහොසත් වේ නම් අප රට සෑම දාම සංවර්ධනය වෙමින්


පවතින රටක් බවට පත් වී තිබීම නොවලැක්විය හැකි දෙයක් වනු ඇත.                


   මෙයට අති හොදම විකල්ප විසදුම වන්නේ අන්තර්ජාතික මට්ටමට සරිලන ගුණාත්මක භාවයෙන්


පිරිපුන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන රට පුරා ව්‍යාප්ත කිරීමයි. දැනටද ලංකාවෙ වෘත්තීය පුහුනු මධ්‍යස්ථාන


රාශියක් ක්‍රියාත්මක වන බව සත්‍යයකි.එහෙත් ඒ එකකවත් අවශ්‍ය ගුණාත්මක භාවය සපුරා තිබේද යන්න


ගැටලුවකි.
        අද ලෝකය සමස්ත ලෙස ගෝලීය කරණය වෙමින් පවතින යුගයක තනි රටක ආර්ථිකය හෝ


සමාජය ගෝලීය ආර්ථිකයෙන් හෝ අනෙකුත් රටවල සමාජ ක්‍රම වලින් වියුක්තව සිතීමට යාම විහිලුවකි.


කාල් මාක්ස් ට අනුව ගෝලීය කරණය තුල සෑම දෙයකටම මිලක් නියම වේ. වර්තමානයේ සිදුව ඇත්තේ


එයයි. භෞතික දේවල් පමණක් නොව ලිංගිකත්වය මානසික සැහැල්ලුව වැනි මානුෂික හැගීම් පවා


අන්තර්ජාතිකව ලබා ගැනීම හා ඒවාට ගෝලීය වශයෙන් මිලක් නියම වීම අද සිදුව ඇත. අද ඕනෑම රටක


වෙලද පොල බඩු වල මිළ ගනන් තීරණය වන්නේ ස්වයාවත්තව නොව ගෝලීය වෙලද පොලට


සාපේක්ෂවය. සමස්තයක් ලෙස ගත් කළ මුලු ලෝකයම එකම අති විශාල වෙලද පොලක් බවට පත්ව


ඇත.
      මේ ගෝලීය වෙළද පොල තුල මිනිස් ශ්‍රමයට, එයිනුත් පුහුණු ශ්‍රමිකයන්ට හිමිව ඇත්තේ අති විශාල


වටිනාකමකි. මිලකි. අද අපි ජීවත් වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි වූ 'ධනවාදයේ 3 වන


කාර්තුව' තුළය. සීම මායිම් බිදගෙන බහුජාතික ප්‍රාග්ධනය ලෝකය පුරාම ගලා යාම වර්ධනය වන්නේ ඒ


ඔස්සේය.එහිදී දැනුම මිලක් බවට පත්ව ඇත.
     අපි අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තුලින් ඉලක්ක කළ යුත්තේ මෙන්න මේ ගෝලීය වෙලද


පොලයි. අද යුරෝපීය රටවල මේසන් වරු, විදුලි කාර්මිකයන්, පයිප්පකරුවන්, වෙල්ඩින් කරුවන්ට


ඇත්තේ අති විශාල ඉල්ලුමකි. එම නිසා එම රටවල ඉල්ලුමට සරිලන ගුණාත්මක භාවයෙන් පිරිපුන්


පුහුණු වෘත්තිකයන් බිහි කිරීමට රජය සමත් විය යුතුය. නැතහොත් ඉන්දියාව ඇතුලු අනෙකුත් ආසියතික


රටවලින් සපයන ගුණාත්මක භාවයෙන් වැඩි කාර්මිකයන් හමුවේ අපගේ කාර්මිකයන් විසි වී යනු


ඇත්තේ ගමේ පොලේ හොද කෙසෙල් හමුවේ තැලුනු කෙසෙල් විසි වී යන ආකරයටමය.

    අප රටේ දැනට බිහි වන පුහුණු කාර්මිකයන් (මා දන්නා පරිදි ජර්මන් ටෙක් ආයතනයේ හැර ) දැනට


ඉහත කී ගෝලීය වෙලද පොලට සරිලන ගුණාත්මක භාවයෙන් බිහි වන්නේ නැත. ඔවුන්ට තම කාර්මික


දැනුම සහතික කරන අන්තර්ජාතික මට්ටමේ පිළිගත් සහතිකයක් සහ නිවැරදි ඉංග්‍රීසි පුහුණුවක්ද ඒ සදහා


පිළිගත් සහතිකයක්ද නිකුත් කිරීම අත්‍යාවශ්‍යය. මන්ද යල් පන ගිය තාක්ෂනය හා මහජන කළකිරීම

රටක ඉදිරි ගමන අවුරාලන ප්‍රපාත බැවිනි
    ධීවර කාර්මිකයන්ට පිළිගත් විශ්‍රාම වැටුපක් හා උසස් ධීවර තාක්ශනික දැනුමක් ලබා දීමට යන බව මම


පසු ගිය සති අන්ත පුවත් පතක දැක්කෙමි. මෙය ඉතාම හොද ඉදිරි පියවරකි. එවිට ඔවුන්ට ශ්‍රී ලංකික


සමාජය තුල පවා තම වෘත්තිය පිළිබදව අභිමානයකින් යුතුව රටෙ සංවර්ධනයට දායක වීමට හකි වනු


ඇති අතර ඔවුන් කෙරෙහි පවතින ධනාත්මක සමජමය ආකල්ප හාවටිනාකම්ද කෙමෙන් කෙමෙන් වැඩි වනු ඇත.. මෙය රටක ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය සාධකයකි. .
  
    ලාංකික සමාජය වැඩ වසම් ක්‍රමයෙන් ගෙන ආ කුල බේදය හා විවිධ වෘත්තීන් පහත් කොට සැලකීමේ


ස්වභාවය ධනේශ්වර ක්‍රමයකට පරිවර්තනය වෙමින් පවතින සමාජයක් තුල පවා තවම මුල් බැස පවතී.( ශ්‍රී


ලංකාවේ සමාජමය පරිණාමය හා කුල බේදය පිළිබදව වෙනත් ලිපියකදී සවිස්තරාත්මකව ඉදිරිපත්


කිරීමට බලාපොරොත්තු වෙමි. ලංකාවේ රොඩී ගම්මාන 48ක් තවමත් පවතින බව ඔබ දන්නවාද???).


කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ තුලින් රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේ එතෙක් වැඩ වසම්


රාමුවට අනුව ඒ ඒ සමාජ කොටස් වෙත පැවරී තිබූ ඒකාකාර ජීවන වෘත්තීන් වෙනස් කොට ශ්‍රමය නිදහස්


කිරීම උදෙසාය. විශේශයෙන්ම දියුණු වන සංවර්ධිත ආර්ථික ක්‍රමයක අත්යාවශ්‍ය ගුණංගයක් වන්නේ ශ්‍රම


විභජනය හා විශේශ ප්‍රාගුණ්‍යයයි. යුරෝපීය රටවල් තුල මෙම තත්වය බෙහෙවින් වර්ධනය වී ඇත. ලංකාවේ


පයිප්ප වැඩ කිරීමට අකමැති අයෙක් මොන දුකක් විද හෝ අමෙරිකාවට ගොස් ෂෙඩ් එකක තෙල් ගැසීමට


එකග වන්නේ මෙම හේතුව නිසාය. අප රටේ මෙම සමාජ පසු බෑමද ඉහත කී විධිමත් වෘත්තීමය ගෞරවය


ලබා දීම තුලින් තුරන් කළ හැක.
       ඇත්ත වශයෙන්ම මැද පෙරදිගට යන ගෘහ සේවිකාවන් විස්සක් උපයන ආදයම යුරෝපීය රටකට


යන එක් පුහුණු කාර්මිකයෙකුට ඉපයිය හැකි බව පුවත් පතක සදහන්ව තිබූ සංඛ්‍යා ලේඛන තුලින් මම


දැක්කෙමි. අප අපේ රටේ ආර්ථිකයේ බර අසරණ නූගත් ගැහනුන් පිට නොපටවා ලොවම පිලිගත් පුහුණු


ශ්‍රමිකයන් සපයන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව අනාගතයේ පත් කලහොත් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්


කිරීමේ සිහිනය වැඩි ඇතක නොවිය හැකිය.