Monday, December 20, 2010

වෘත්තීය පුහුණුව හා ශ්‍රී ලංකාවේ සංවර්ධනය

2010 උසස් පෙළ ප්‍රතිපල නිකුත් වීමත් සමගම මේ දින වල තරුණ සිසුන්ගේ  ජීවිත වල අනාගතය හා


ශ්‍රී ලංකාව තුල උසස් අධ්‍යාපනය හරහා එයට ලබෙන දායකත්වය පිලිබඳව බොහෝ අයගේ


අවධානයටත් කතිකාවතටත් ලක්ව ඇත. එම නිසා ඒ ගන යමක් මගේ දෘශ්ඨි කෝණයෙන් ලියා තැබිය


යුතු යයි සිතුවෙමි.


ශ්‍රී ලංකාව තුල වර්තමානය උසස් පෙල කඩඉම තරණය කිරීමට නොහැකි වන සිසුන්ගේ අනාගතය


පිලිබදව පැහැදිලි අර්බුදයක් ඇත. එහෙත් රට තුල කිසිදු අර්ථිකමය හෝ සමාජමය ගැටලුවකට පිලිගත


හැකි ප්‍රායෝගික විසදුමක් ඉදිරිපත් නොකරමින්, නමුත් ප්‍රශ්න අති බව ජනතාවට පෙන්වා දෙමින් කෑ කෝ


ගසමින් විශාල සමාජමය මෙහෙවරක් ඉටු කරන රතු සහොදරවරුන් මෙන් නොව මෙම අර්බුදයට බලපා


ඇති හේතු සාධක සහ එම අභියෝගයන් ජයගත හැකි ආකාරය පිලිබදව මට සාපෙක්ෂව විග්‍රහයක්


ඉදිරිපත් කිරීම මෙම සටහනේ අරමුණයි. :පී.


වර්තමානයේ ශ්‍රී ලංකාවට විශාලම විදේශ අදායමක් ලබෙන්නේ මැද පෙරදිග ගෘහ සේවිකාවන් හරහාය.


ඇත්ත වශටෙන්ම ශ්‍රී ලංකාවේ අර්ථිකය දෙස සමස්ථ චිත්‍රය බැලූ කල තත්වය ලැජ්ජා හිතෙන තරම්ය. ශ්‍රී


ලංකාවේ ජාතික අදායමට වැඩිම දායකත්වයක් සපයන අංශයන් 3(ක්) පහත දැක්වේ.


1. මැද පෙරදිග ගෘහ සේවය
2. ඇගලුම් නිශ්පාදන
3. තේ


      මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? සංවර්ධනය වෙමින් පවතින රටක් වන, එමෙන්ම ලෝක


අර්ථිකයේ මෙන්ම නවීන තොරතුරු තාක්ෂනයේ නැගී එන බලවතෙකු වන ඉන්දියාවට අසල්වසි වූ අතීත


ස්වර්ණමය අභිමානයකට උරුමකම් කිවූ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැඩිම දායකත්වයක් සපයන්නේ පහළ


(මධ්‍යම ) පාන්තික අසරණ කාන්තාවන් බවය.
   ශ්‍රී ලංකාවේ 2009 සා.පෙළ විභාගයට පෙනී සිටි මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 272000 වූ අතර උසස් පෙළ


සදහා සුඩුසුකම් ලබා ඇත්තේ 142,938 පමණි. අසමත් වූවන්ගේ සංඛ්‍යාව 129,062 කි. උසස්


පෙළ තත්වය මීටත් වඩා බරපතළය. රටක ජීව නාළිය වන්නේ එරට තරුණ ශ්‍රම බලකායය. එමනිසා


රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වීමට නොහැකිවන අති විශාල තරුණ ජනකායට ජාතික මට්ටමේ


විකල්ප විසදුම් ක්‍රමවේදයක් ලබා දීමට රජය අපොහොසත් වේ නම් අප රට සෑම දාම සංවර්ධනය වෙමින්


පවතින රටක් බවට පත් වී තිබීම නොවලැක්විය හැකි දෙයක් වනු ඇත.                


   මෙයට අති හොදම විකල්ප විසදුම වන්නේ අන්තර්ජාතික මට්ටමට සරිලන ගුණාත්මක භාවයෙන්


පිරිපුන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන රට පුරා ව්‍යාප්ත කිරීමයි. දැනටද ලංකාවෙ වෘත්තීය පුහුනු මධ්‍යස්ථාන


රාශියක් ක්‍රියාත්මක වන බව සත්‍යයකි.එහෙත් ඒ එකකවත් අවශ්‍ය ගුණාත්මක භාවය සපුරා තිබේද යන්න


ගැටලුවකි.
        අද ලෝකය සමස්ත ලෙස ගෝලීය කරණය වෙමින් පවතින යුගයක තනි රටක ආර්ථිකය හෝ


සමාජය ගෝලීය ආර්ථිකයෙන් හෝ අනෙකුත් රටවල සමාජ ක්‍රම වලින් වියුක්තව සිතීමට යාම විහිලුවකි.


කාල් මාක්ස් ට අනුව ගෝලීය කරණය තුල සෑම දෙයකටම මිලක් නියම වේ. වර්තමානයේ සිදුව ඇත්තේ


එයයි. භෞතික දේවල් පමණක් නොව ලිංගිකත්වය මානසික සැහැල්ලුව වැනි මානුෂික හැගීම් පවා


අන්තර්ජාතිකව ලබා ගැනීම හා ඒවාට ගෝලීය වශයෙන් මිලක් නියම වීම අද සිදුව ඇත. අද ඕනෑම රටක


වෙලද පොල බඩු වල මිළ ගනන් තීරණය වන්නේ ස්වයාවත්තව නොව ගෝලීය වෙලද පොලට


සාපේක්ෂවය. සමස්තයක් ලෙස ගත් කළ මුලු ලෝකයම එකම අති විශාල වෙලද පොලක් බවට පත්ව


ඇත.
      මේ ගෝලීය වෙළද පොල තුල මිනිස් ශ්‍රමයට, එයිනුත් පුහුණු ශ්‍රමිකයන්ට හිමිව ඇත්තේ අති විශාල


වටිනාකමකි. මිලකි. අද අපි ජීවත් වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි වූ 'ධනවාදයේ 3 වන


කාර්තුව' තුළය. සීම මායිම් බිදගෙන බහුජාතික ප්‍රාග්ධනය ලෝකය පුරාම ගලා යාම වර්ධනය වන්නේ ඒ


ඔස්සේය.එහිදී දැනුම මිලක් බවට පත්ව ඇත.
     අපි අපේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තුලින් ඉලක්ක කළ යුත්තේ මෙන්න මේ ගෝලීය වෙලද


පොලයි. අද යුරෝපීය රටවල මේසන් වරු, විදුලි කාර්මිකයන්, පයිප්පකරුවන්, වෙල්ඩින් කරුවන්ට


ඇත්තේ අති විශාල ඉල්ලුමකි. එම නිසා එම රටවල ඉල්ලුමට සරිලන ගුණාත්මක භාවයෙන් පිරිපුන්


පුහුණු වෘත්තිකයන් බිහි කිරීමට රජය සමත් විය යුතුය. නැතහොත් ඉන්දියාව ඇතුලු අනෙකුත් ආසියතික


රටවලින් සපයන ගුණාත්මක භාවයෙන් වැඩි කාර්මිකයන් හමුවේ අපගේ කාර්මිකයන් විසි වී යනු


ඇත්තේ ගමේ පොලේ හොද කෙසෙල් හමුවේ තැලුනු කෙසෙල් විසි වී යන ආකරයටමය.

    අප රටේ දැනට බිහි වන පුහුණු කාර්මිකයන් (මා දන්නා පරිදි ජර්මන් ටෙක් ආයතනයේ හැර ) දැනට


ඉහත කී ගෝලීය වෙලද පොලට සරිලන ගුණාත්මක භාවයෙන් බිහි වන්නේ නැත. ඔවුන්ට තම කාර්මික


දැනුම සහතික කරන අන්තර්ජාතික මට්ටමේ පිළිගත් සහතිකයක් සහ නිවැරදි ඉංග්‍රීසි පුහුණුවක්ද ඒ සදහා


පිළිගත් සහතිකයක්ද නිකුත් කිරීම අත්‍යාවශ්‍යය. මන්ද යල් පන ගිය තාක්ෂනය හා මහජන කළකිරීම

රටක ඉදිරි ගමන අවුරාලන ප්‍රපාත බැවිනි
    ධීවර කාර්මිකයන්ට පිළිගත් විශ්‍රාම වැටුපක් හා උසස් ධීවර තාක්ශනික දැනුමක් ලබා දීමට යන බව මම


පසු ගිය සති අන්ත පුවත් පතක දැක්කෙමි. මෙය ඉතාම හොද ඉදිරි පියවරකි. එවිට ඔවුන්ට ශ්‍රී ලංකික


සමාජය තුල පවා තම වෘත්තිය පිළිබදව අභිමානයකින් යුතුව රටෙ සංවර්ධනයට දායක වීමට හකි වනු


ඇති අතර ඔවුන් කෙරෙහි පවතින ධනාත්මක සමජමය ආකල්ප හාවටිනාකම්ද කෙමෙන් කෙමෙන් වැඩි වනු ඇත.. මෙය රටක ඉදිරි ගමනට අත්‍යාවශ්‍ය සාධකයකි. .
  
    ලාංකික සමාජය වැඩ වසම් ක්‍රමයෙන් ගෙන ආ කුල බේදය හා විවිධ වෘත්තීන් පහත් කොට සැලකීමේ


ස්වභාවය ධනේශ්වර ක්‍රමයකට පරිවර්තනය වෙමින් පවතින සමාජයක් තුල පවා තවම මුල් බැස පවතී.( ශ්‍රී


ලංකාවේ සමාජමය පරිණාමය හා කුල බේදය පිළිබදව වෙනත් ලිපියකදී සවිස්තරාත්මකව ඉදිරිපත්


කිරීමට බලාපොරොත්තු වෙමි. ලංකාවේ රොඩී ගම්මාන 48ක් තවමත් පවතින බව ඔබ දන්නවාද???).


කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණ තුලින් රාජකාරි ක්‍රමය අහෝසි කරන ලද්දේ එතෙක් වැඩ වසම්


රාමුවට අනුව ඒ ඒ සමාජ කොටස් වෙත පැවරී තිබූ ඒකාකාර ජීවන වෘත්තීන් වෙනස් කොට ශ්‍රමය නිදහස්


කිරීම උදෙසාය. විශේශයෙන්ම දියුණු වන සංවර්ධිත ආර්ථික ක්‍රමයක අත්යාවශ්‍ය ගුණංගයක් වන්නේ ශ්‍රම


විභජනය හා විශේශ ප්‍රාගුණ්‍යයයි. යුරෝපීය රටවල් තුල මෙම තත්වය බෙහෙවින් වර්ධනය වී ඇත. ලංකාවේ


පයිප්ප වැඩ කිරීමට අකමැති අයෙක් මොන දුකක් විද හෝ අමෙරිකාවට ගොස් ෂෙඩ් එකක තෙල් ගැසීමට


එකග වන්නේ මෙම හේතුව නිසාය. අප රටේ මෙම සමාජ පසු බෑමද ඉහත කී විධිමත් වෘත්තීමය ගෞරවය


ලබා දීම තුලින් තුරන් කළ හැක.
       ඇත්ත වශයෙන්ම මැද පෙරදිගට යන ගෘහ සේවිකාවන් විස්සක් උපයන ආදයම යුරෝපීය රටකට


යන එක් පුහුණු කාර්මිකයෙකුට ඉපයිය හැකි බව පුවත් පතක සදහන්ව තිබූ සංඛ්‍යා ලේඛන තුලින් මම


දැක්කෙමි. අප අපේ රටේ ආර්ථිකයේ බර අසරණ නූගත් ගැහනුන් පිට නොපටවා ලොවම පිලිගත් පුහුණු


ශ්‍රමිකයන් සපයන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව අනාගතයේ පත් කලහොත් ශ්‍රී ලංකාව සංවර්ධිත රටක්


කිරීමේ සිහිනය වැඩි ඇතක නොවිය හැකිය.

9 comments:

  1. සිරාවට මචං...අපේ සාක්ෂරතාවය කොච්චර තිබ්බත් වැඩක් නෑ අපේ දැනුමෙන් රටට වැඩක් නැත්නම්.

    ReplyDelete
  2. වෘත්තීය පුහුණුව ලබපු පුහුණු කාර්මිකයෙකුගෙන් වෙවා, උපාධිධාරියෙකුගෙන් වෙවා, රටට වඩක් ගන්න පුලුවන් විදියෙ දීර්ඝ කාලීන වැඩපිලිවෙලක් රටට අවශ්‍යයි මචන්

    ReplyDelete
  3. @tishan: aniwaaryayenma machan eaka Aththa...
    @Uvindu: උඹ කියන කතාව හරි මචන්. ඒක හරි. ඒක ඉතා වැදගත් කාරණයක්.මම මෙතන සටහන් කරන්න ඕන කියලා හිතුවේ අධ්‍යාපනයෙන් හැලෙන ශ්‍රම බලකාය ගැන රජයේ තියන මන්දගාමී ප්‍රතිපත්තිය ගැන.
    නමුත් පුහුණු වෘත්තිකයන්ගෙන් අපිට බුද්ධි ගලනය ගැන ලොකු ප්‍රශ්ණයක් නැහැ. අපිට අවශ්‍ය ඒ අයගේ දැනුමට වඩා විදේශ විනිමය.
    නමුත් උසස් වෘත්තිකයන් ගත්තොත් ( ඉන්ජිනේරු, වෛද්‍ය ) ඒ අයගෙන් අපිට ඕන විදෙශ විනිමයට වඩා දැනුම. ඒ අයගෙන් රටට වැඩක් ගන්න ජාතික මට්ටමේ වැඩ පිලිවෙළක් අවශ්‍යයි.
    Thanx for all ur valuable ideas machanlaa..

    ReplyDelete
  4. ඇත්ත කතාව මචන්,අද ලංකාවේ ඇතිවෙලා තියෙන අරුම රැකියා සහ ජීවන ගෙටලුවලින් මිදෙන්න නම් අපි අපේ ශ්රමය සහ ජන සම්පත කළමනාකරණය කරන්න ඕන.
    ඒ වගේම අපේ නිෂ්පාදන ගෙන හිතන්න ඕනේ. අපි අලුත් නිෂ්පාදන වගේම අප සතු නිෂ්පාදන වෙදිකරන්න ට්‍රය් කරනවානම් pattai. උදාහරණයක් විදියට Highland කිරි වගේ දේවල් සිරා.ඒවා තාමත් වෙළඳපොළට එන්නේ ඉල්ලුමට වඩා අඩුවෙන්. යම් ප්‍රාග්ධනයක් වැය උනත් වඩා අඩු පිශ්‍රමයකින් අපිට ඒ වගේ ව්‍යාපාර දියුණුකරන්න පුළුවන්.

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. @HTP: aniwa machan..kudaa parimaana deshiya karmantha diyunu kireema thamai sanwardhanaye mulika adithaalama.
    @Chuti ayya: thanx ayya..it means a lot

    ReplyDelete
  7. මචන් , උඹ දැක්කද!!!! අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වුර්තිය පුහුණු, ක්‍රීඩා කියන අමාත්‍යංශ ඒකාබද්ධව කටයුතු කලයුතු බවට ප්‍රකාශයක් ජනපති තුමා කරලා තියනවා. ඒ අනුව මින් ඉදිරියට සෑම මසකටම වරක් එම අමාත්‍යංශ නියෝජිතයින් රැස් වී ඉදිරි වැඩ පිළිවෙලවල් තුල සිදුවිය යුතු ඒකාබද්ධ නවීකරණ පිළිබඳව සාකච්චා කිරීමට නියමිතයි.

    ReplyDelete
  8. That decision will make effect on our youth in future a lot...

    ReplyDelete