Tuesday, December 21, 2010

බුද්ධිමය වහල්ලු

'ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව හා සංවර්ධනය' යන මැයෙන් වූ මගේ පළමු බ්ලොග් සටහනට පසු එම ක්ෂේත්‍රය ඔස්සේම දිව යන තවත් ලිපියක් ලිවීමට මා සිතාගෙන නොසිටියද ඉහත කී ලිපියට ඌන පූර්ණයක් ලෙස හෝ
පසු වදනක් ලෙස මෙම බ්ලොග් සටහන තැබිය යුතු යයි අදහස් කලේ පලමු ලිපියේ මුඛ්‍ය හරය හා බුද්ධි ගලනය අතර යම් සංහිදියාවක් අත්දැයි ඔබේ හිතේ සැකයක් ඇතිවිය හැකියය් සිතූ නිසාය. :ඩී:ඩී
      විදේශ රැකියා අවස්ථා ශ්‍රී ලංකාවේ ප්‍රධාන සේවා නියුක්ති මූලයක් ලෙසත් ආර්ථිකයේ විශාල බරක් උසුලන අංශයක් ලෙසත් ඉහලින්ම වැජඹේ. විදේශ රැකියා යනු ඕනැම රටක ආර්ථිකයේ ඉතා වැදගත් අංශයකි.


2009දී ශ්‍රී ලාංකික සේව වියුක්තිකයන්ගේ සංඛ්‍යාව 471,000කි. විදේශ සේවා නියුක්තිය 247,119කි. විදේශ රැකියා තුලින් ලැබුනු ආදායම දල වශයෙන් එ.ජා. ඩොලර් මිලියන 1955කි. එය දල වශයෙන් ජාතික
ආදායමෙන් 41%කි. ඉහත කී සංඛ්‍යා ලේඛන දෙස බැලූ විට විදේශ රැකියා මෙරට විදේශ විනිමය ඉපයීම කෙරෙහිත් රට තුල විරැකියා පීඩනය අඩු කිරීම කෙරෙහිත් කොතරම් වැදගත් සේවාවක් ඉටු කරයිද යන්න පෙනීයයි.
         නමුත් ප්‍රශ්නය වන්නේ ඉහත කී රැකියා වලින් විශාල ප්‍රතිශතයක් ගෘහ සේවිකාවන් වීමය. එය 46%ක් තරම් ඉහල අගයක් ගන්නා අතර පුහුණු ශ්‍රමිකයින්ගේ ප්‍රතිශතය ඉන් හරි අඩක් පමණ වන 24.8%කි.
      ශ්‍රී ලංකාවේ පවතින්නේ මාතෘ මූලික සමාජයකි.කාන්තාවන් විදේශ ගත වීම හරහා පවුල් කඩාකප්පල් වීම, කුඩා ලමුන්ගේ මානසිකත්වය ඇද වැටීම, ඔවුන්ට නිසි ආදරය, ආරක්ෂාව,අධ්‍යාපනය නොලැබී යාම,
අසහනකාරී තරුණ පිරිසක් මෙරටට බිහි වීම වැනි සමාජීය ගැටලු ද රාශියකට මුහුණ පැමට සිදුවේ. පුහුණු ශ්‍රමිකයන් මත විදේශ සේවා නියුක්තියේ බර පැටවිය යුත්තේ ඒ නිසා (හා ඔවුන්ගේ ආර්ථික කාර්යක්ශමතාව නිසා ) වෙනි. එසේ කිරීමෙන් ලැබෙන ආර්ථිකමය හා සමාජීයමය  ප්‍රතිලාභ රාශියක් ගඇන මම පසුගිය බ්ලොග් සටහනෙන් විග්‍රහ කළෙමි.


දැන් අපි ප්‍රශ්නයට බසිමු. මෙම යාන්ත්‍රනය හරහා සැබැවින්ම බුද්ධි ගලනයක් සිදු වේද?


     මෙවැනි කාරණා පිලීබද විග්‍රහයන් කිරීමේදී අපි විවිධ සමාජ පන්තිවල හැසිරීම් හා ප්‍රවණතාවයන් සැලකිල්ලට ගැනීම ඉතා වැදගත්ය.
     ඉහත කී වෘත්තීය මධ්‍යස්ථාන තුලින් බිහි වන ශ්‍රමිකයන් අයත් වන්නේ ශ්‍රම කාණ්ඩය අනුව 'වෘත්තීමය (ඉන්ජිනේරු, වෛද්‍ය, මහාචාර්ය, කථිකාචාර්ය )' කාණ්ඩයට නොව 'පුහුණු ශ්‍රමික' කාණ්ඩයටය. ඔවුන් සිය පවුල්ද සමග ස්ථිර ලෙස වෙනත් රටක පදින්චියට ගොස් එහි රැකියාවක නිරත වීමේ ප්‍රවණතාවයක් මෙරට තබා වෙනත් කිසිදු රටක නැත. විදේශ සංක්‍රමන රෙගුලාසි අනුව එසේ කිරීමටද පහසු අවකාශයක් නැත. සබැවින්ම සිදු වන්නේ ඔවුන් විදේශයක සිට උපයන මුදල් මෙරටට විදේශ විනිමය වශයෙන් ගලාගෙන ඒමය. ඉහතින් දැක්වූ සංඛ්‍යා ලේඛන එසේ මෙරටට ලැබුනු ආදායමය.
     ඔවුන්ගේ කාර්මික දැනුම මෙරටට ලැබීමට වඩා සබැවින්ම වැදගත් වන්නේ ඔවුන්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමයය. මන්ද පුහුණු ශ්‍රමිකයන්ගේ ඌණතාවයක් මෙරට තුල විශාල ගැටලුවක් වශයෙන් පැන නොනැගී ඇති බැවිනි. විදේශ මුදල් මෙරටට ගලා ඒම හරහා විදේශ සංචිත ප්‍රමානය වැඩි වීම, උද්ධමනය අඩු වී රුපියලෙහි අගය වැඩි වීම වැනි ප්‍රථිලාභ රාශියක් ලබා ගනීමට අපට අවකාශ ලබේ.එබැවින් ඒ හරහා බුද්ධි ගලනයක් සිදු වේ යයි කිසිදු ආකාරයකට බිය විය යුතු නැත.
  
    දැන් අපි වෘත්තීමය ශ්‍රමිකයින් ගැන සලකා බලමු.වෘත්තීමය ශ්‍රමිකයෙක් බිහි කිරීමට රජය විසින් අති විශාල වියදමක් දරයි.( එක උපාධිධාරියෙකුට ලක්ෂ 25ක් පමණ ). මේ සා මුදල් කන්දරාවක් වියදම් කරන රජයට ඒ
සදහා රටට ප්‍රතිලාභයක් ලබා ගත නොහැකිනම් රට අගාධයට යාම නොවැලක්විය හැකිය.රටක සංවර්ධනයට උපාධිදරයෙකුට ඔහුගේ විශේෂඥ දැනුම හරහා කල හැකි කාර්ය භාරය අති විශාලය. චීනය හා ඉන්දියාව අද
පවතින තත්වයට පැමිනීමේදී ඔවුන්ගේ ග්‍රාමීය සංවර්ධනයට යොමු කල අවධානය අති විශාලය. ඉන්දියාවේ අනර්ඝ ප්‍රජා සෞඛ්‍ය ව්‍යපෘතියක් වන ජමිකෙඩ් සංවිධානය ආරම්භ කල වෛද්‍ය රාජ් අරොල්, 'Hall in
the wall ' ව්‍යාපෘතිය හරහා දුප්පත් දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වැඩි දියුනු කල මහාචාර්ය සුගත මිත්‍රා, චීනයේ ග්‍රාමීය කෘෂි කර්මාන්තය නගා සිටුවීමට සුවිසල් මෙහෙයක් ඉටු කල එරට ඉන්ජිනේරුවන් වැනි
සම්පත් පුද්ගලයින් තුලින් එම රටවල් ලබා ගත් ප්‍රතිලාභය සුවිශාලය. රටක සංවර්ධනයේදී වෘත්තීමය ශ්‍රමිකයෙකුගෙන් ලැබෙන විදේශ විනිමයට වඩා ඔහුගේ දැනුම රටකට අත්‍යාවශ්‍ය වන්නේ ඒ නිසාය. එකී රටේ සංවර්ධනයට ඔහුට කල හැකි සුවිසල් කාර්ය භාරය නිසාය. ඔහු විදේශ රටක පූර්ණ කාලීනව  රැකියාවට ගියහොත් එය අපරාදයක් වන්නේ ඒ නිසාය.( වෘත්තීමය ශ්‍රමිකයෙකුට පූර්ණකාලීන රැකියාවක් හා පුරවැසි භාවය ලබා දීමට ලොකයේ බොහෝ රටවල් සදී පැහැදී සිටී.)


සැබැවින්ම වරද කාගෙද?? උපාධිධරයින්ගේද??එය එසේ යයි පැවසීමට මම ඉක්මන් නොවෙමි.
    
  වෘත්තිකයන් පිටරට ඇදී යාමට එක් හේතුවක් වන්නේ ඔවුන්ගේ දැනුම භාවිතා කිරීමට අවශ්‍ය තාක්ෂණය මෙරට නොමැති වීමය. උදාහරණයක් ලෙස ලෝකයේ අධි වේගයෙන් ඉදිරියට යන ඉලෙක්ට්‍රොනික තාක්ශනය සමග සසදන කල ලංකාව ගව් ගනනක් පිටුපසින් සිටින බවත්, උසස් තාක්ෂණය පරිශීලනය කිරීමටනම් අනිවාර්යයෙන් විදේශ ගත විය යුතු තත්වයක් උදා වී ඇති බවත් ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරු සිසුවෙකු වශයෙන් මම දනිමි.
                  මනුෂ්‍යයා යනු පරිභෝජනවාදී සත්වයෙකි.අප උපන් රටට, අප වෙනුවෙන් දුක් විදි ජනතාව වෙනුවෙන් සේවය කිරීම අප සතු සුවිසල්ම පැහැර හැරිය නොහැකි වගකීම වුවද මානුෂීය පරිභෝජන ස්වභාවය අනුව එසේ පරිපූර්ණ ස්වභාවයක් අපට බලාපොරොත්තු විය නොහැකිය. ඕනැම කෙනෙකු වැඩි ආදායමක් වැඩි පහසුකම් ඇති තැනකට ඇදී යාමේ නැඹුරුවක් පවතී.ඒ මනුෂ්‍යයාගේ හැටිය. ස්වභාවයය. ශ්‍රී ලංකාවෙ පමණක් නොව ඕනැම රටක මිනිසාගේ ස්වභාවය එයය. එමනිසා එවැනි පරිපූර්ණ තත්වයක් ගැන බලා නොසිට එම පාඩුව අවම කරගැනීමේ ප්‍රායොගික පියවරකට යාම අත්‍යාවශ්‍යය.
 නිදහස් අධ්‍යාපනය මෙරටට විශාල බවක්ව ඇති බව අප සියලු දෙනා විසින්ම පිලිගත යුතුය. උපාධිධරයෙකු සදහා වියදම් කරන්නේ මහජන මුදල් වන අතර බෝක්කුව උඩ සිටින සිගන්නාද, කන්න නැතිව වහ බොන
අනුරාධපුරයේ ගොවියාද ඒ සදහා දායකත්වයක් දක්වයි.
        නමුත් එසේ කියා අපිට නිදහස් අධ්‍යාපනය අහෝසි කල නොහැකිය. මන්ද එය පහල ආදායම් සහිත පවුල් වල දරුවනට අධ්‍යාපනයද ඔවුන්ට ඉහල සමාජ ස්ථරයකට පැමිනීමේ ඉඩකඩද අවුරන්නක් බැවිනි. එවන්නක් සිදු වුවහොත් සමාජය තුල පන්ති බේදය උග්‍ර වී අප සමාජ පරිණාමයේ ආපස්සට යා හැකිය.
    හොදම දෙය වන්නේ උපාධිධරයෙකු රැකියාවක් ලබා ගත් පසු ඔහුගෙන් හෝ ඇයගෙන් ඔහු වෙනුවෙන් වැය කල මුදලෙන් යම් ප්‍රතිශතයක් හෝ අය කරගැනීමට සැලසුම් කිරීමය. මෙය ඔහු ලබන ආදායමට සාපේක්ශව සූත්‍රයකට අනුව කල හැකිය. පසුව ඔහු ඉහල වැටුපක් සහිත රැකියාවකට මාරු වුවහොත් අය කරන ගනන සූත්‍රයට අනුව වෙනස් කල හැකිය. විශ්ව විද්‍යාලයෙන්  උපාධිය ලබා ගන්නා අවස්ථාවේ සිසුවා ඉහත කී ගිවිසුමට යටත් කල යුතුය. කිසිම කෙනෙකු පිනට දේවල් ලබා ගත යුතු යය් මම විශ්වාස නොකරමි. පසුව උවමනානම් ඔහු සිදු කරන පර්යේෂණ හෝ නව සොයා ගැනීමසදහා ඉහත කී ගාස්තුව කප්පාදුවකට ලක් කල හැකිය.ඉහත කී මුදල මෙරට ග්‍රාමීය සංවර්ධනයටත්, මෙරටට නව තාක්ෂණය ගෙන ඒමටත්,
තවත් නොයෙකුත් සංවර්ධන සැලසුම් සදහාද යෙදවිය හැක.
   පරිපූර්ණ තත්ව ගැන බලා නොසිට මෙසේ සැලසුම් කාරී පියවර වලට යාමෙන් නිදහස් අධ්‍යාපනයෙaන් රටට තිබෙන බරද අවම කල හැකි අතර රටේ සංවර්ධනයටද ශ්‍රීඝ්‍ර දියුනුවක් අත් පත් කර ගත හැකි බවත්
 උපාධිධරයින්ට පරිශීලනය කිරීමට අවශ්‍ය නව තාක්ශනය මෙරටට ගෙන ඒම තුලින් බුද්ධි ගලනය අවම කර ගත හැකි බවත් මම විශ්වාස කරමි.
       රටක සංවර්ධනයේදී ප්‍රථම පියවර ග්‍රාමීය සංවර්ධනය බව මම තරයේ විශ්වාස කරමි.( ශ්‍රී ලංකාවෙ 72%ක් තවමත් ග්‍රාමීයය ). අප අතරින් කෙනෙකුට ලංකාවෙ වී අස්වැන්න කීප ගුණයකින් වැඩි කරන බීජයක්, නව
කාර්යක්ශම නූල් කැටීමේ යන්ත්‍රයක්, අස්වැන්න ඉක්මනින් අඩු නාස්තියකින් තොරව නෙලාගත හැකි යන්ත්‍රයක් නිශ්පාදනය වැනි එක් දෙයකින් මෙරට ආර්ථිකයට කල හැකි වෙනස අති විශාලය. එම නිසා ඉහත කී සියලු සැලසුම් තිබියදී අප වෙනුවෙන් දුක් විදි ජනතාව වෙනුවෙන් අපට කල හැකි කාර්ය භාරය අති විශාල බවත් එසේ කිරීම හරහා රටේ සංවර්ධනයට කාර්යක්ශම ලෙස දායක වීමට අපට හැකි බවත්, වෙනත් බහුජාතික සමාගමක හෝ රටක බුද්ධිමය වහල්ලු නොවී එසේ කිරීම අපගේ පරම හා ප්‍රථම යුතුකම බවත් සිහිපත් කරමින් සටහන මෙතෙකින් නිමා කරමි.:ඩී:ඩී

3 comments:

  1. සත්තකින්ම....අද අපේ රටේ ගොඩක් උපාධිධාරීන්ට අමතක වෙලා තියෙන දෙයක් තමා එයාල ඉගෙන ගන්නේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් කියල. එයාල රටට ණයයි කියල. උපාධිධාරියෙක් එක පැයක් නාස්ති කරනවා කියන්නේ ලොකු පාඩුවක්. මම හිතන්නේ උපාධිඅපේක්ෂකයෝ විදියට අපි අපේ යුතුකම් ගෙන ගොඩක් හිතන්න ඕනි.

    ReplyDelete
  2. well said machan.... am exactly with u.... apita paribojana waadee sathwayek wana minisaa gen paripoorna thathwayak balaaporoththu wiya nohekiy. namuth mata ee sandaha rajayata kala heki deyak gena yoojanaawak thiyenawa. attatama ape rata jeewath wenna hondama thanak... ehema kiyanne api newei...TIMES sangaraawa...wena rata wala aya jeewath wenna mehe enakota ape ratawala aya pitarata yanawa...minissu rata yanna ona namuth niwaradi aakalpayakuth ekka... mata hithenne meka minissu thula eka eka samaaja piligeneem haa samaaja mithyaawan (rata gihin aapu minissu gena haa rata inna minissu gena ape minissunta thiyenna amuthuma aakalpayak. ekata ape minissu kemathie..)nisa athi wena thathwayak... attatama ape rata gena minissu danne ne.. ( anika ape rate wurtheemaya shramikayekuta apa rata thulin wena onama rataka labana jeewana thathwayak e kiyanne ee labana siyalu pahasukam labaaganna puluwan.. siyalu awashyathaa haa uvamanaa itu karaganna puluwan...) ee gena minissunge attitudes wenas karana eka rajaye wagakeemak.. 100% ma nowunath tikak hari... ekath ratata wedagath.. Ape minissunta ratata adaraya karanna mehi athi suwisheshathwaya haa agaya minissunta kiyala denna ona... ekata ape ithihaasaya, rate parisaraya gena athulath wenna ona... ehema unoth ape rata gena hangeemakin hithana pirisak bihi wewi... rata develop wewi..

    ReplyDelete
  3. හොඳ වැඩක් අයියා පටන් අරන් තියෙන්නේ.... දිගටම ලියන්න අපි බලනවා...මෙන්න මගෙන් ගට..

    ReplyDelete